Trending Newsඑසැන පුවත්දේශීය

කවුරු මොනව කිව්වත් ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 ට පෙර පවත්වනවා – ඇමති බන්දුල

(UTV | කොළඹ) –

ඇතැම් පිරිස් පවසන පරිදි ජනාධිපතිවරණය කල් දැමිමට කිසිදු සැලසුමක් නොමැති බවත්, මේ වසරේ ඔක්තොම්බර් 17 දිනට පෙර නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත යුතු බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ අද (20) දින හැටන් දුම්රිය ස්ථාන භුමියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරන ලද නව ගොඩනැගිල්ල සහ හැටන් දුම්රිය ස්ථානය නිරික්ෂණය කිරිම සදහා පැමිණි අවස්තාවේදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මැතිවරණය පැවැත්විම සදහා අයවැයෙන් රු බිලියන 10 ක ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත ලබා දි ඇති බවයි.

තම සහෝදර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙම නිරික්ෂණ චාරිකාවට ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

රුපියල තවත් බලවත් වෙයි

Mohamed Dilsad

Insect found in tea not indigenous- TRI

Mohamed Dilsad

இன்று நள்ளிரவு முதல் ஒருநாள் பணிபுறக்கணிப்பில் ரயில்வே ஊழியர்கள்

Mohamed Dilsad

Leave a Comment