Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ සමයක තේරීම්භාර නිලධාරින් මාරු කරලා – පැෆරල්

(UTV | කොළඹ) –

පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක, මෙම වකවානුවේ මැතිවරණ තේරීම්භාර නිලධාරින් මාරු කර  ඇතැයි, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය – පැෆරල් සංවිධානය සඳහන් කරයි. ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී එම කරුණු අනාවරණය කෙරිණ.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, දේශපාලඥයින් කුමන උප්පරවැට්ටි යෙදුවත් රට අර්බුදකාරී තත්ත්වයක පවතින කාලයක සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පුර්ණ සහයෝගය ලබාදීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බවයි.

පළාත් පාලන මැතිවරණය නොපැවත්වුවද එය ප්‍රකාශයට පත්කර තිබෙන නිසා මේ වන විටත් මැතිවරණ නිතිය රට තුළ ක්‍රියාත්මක වන බවත්, නුදුරු දිනයකදී ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන බවත් ප්‍රකාශ කරමින් හෙට්ටිආරච්චි මහතා කියා සිටින්නේ යම් නිලධාරියෙක් මැතිවරණ කොමිෂමේ උපමාන, චක්‍රලේඛ නොසලකා ක්‍රියා කළහොත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මැතිවරණ කොමිෂමට තිබෙන බවයි.

Related posts

Three killed, 5 injured in Wahamalugollewa accident

Mohamed Dilsad

தேயிலை ஏற்றுமதி அதிகரித்துள்ளது

Mohamed Dilsad

Report on Parliamentary unrest to Speaker today

Mohamed Dilsad

Leave a Comment