Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

(UTV | කොළඹ) –

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අතුරුදන් වූ පිරිස අතර ඉන්දියානුවන් 13 දෙනෙකු ද සිටින බවයි.

කොමරෝස් ධජය සහිත එම නෞකාව එලෙස අනතුරුට පත්ව ඇත්තේ, ඕමානයේ රාස් මද්‍රකා වරායේ සිට ගිනිකොන දෙසින් පිහිටි ඕමානයේම ඩියුකම් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී බව සඳහන්

අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක මධ්‍යස්ථානය පවසයි. මේ අතර විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකිකයින් තිදෙනා සම්බන්ධයෙන් ලබා ගැනීමට අදාළ කටයුතු කරන බවද, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

Kandy beat Havelocks to clinch Clifford Cup

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

THE INTERNATIONAL SPACE CENTER VISIBLE TO SRI LANKA

Mohamed Dilsad

Leave a Comment