Trending Newsඑසැන පුවත්දේශීය

පොල්තෙල් මිල ඉහළ යාම ගැන වෙළ‍ඳ ඇමතිගේ අවධානයට

(UTV | කොළඹ) –

මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී පසුගිය දා පැවැත්විණ.

තෙල් ටැංකි මෙරටට පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් සුළු කාලයකට මෙම තත්ත්වය ඇති වන බව පොල්තෙල් ආනයනකරුවන් සඳහන් කළහ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන්ට පොල් තෙල් තොග සඟවා තැබීම, මිල ඉහළ යාම් පිළිබඳ හා පොල්තෙල් සාම්පලවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ලෙසට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ඒ සඳහා වෙළඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වෙළඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය, වෙළඳ අමාත්‍යාංශ අනිකුත් නිළධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි උඩුවර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ විමර්ෂණ නිළධාරී සංජය ඉරසිංහ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනිකුත් නිළධාරීන් සහ දිවයිනේ පොල්තෙල් ආනයනකරුවන් මෙම අවස්ථාවට එක්වුණා.

Related posts

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Top global IP Experts at Geneva backed Colombo deliberations

Mohamed Dilsad

ஐக்கிய தேசியக் கட்சியின் பா.உறுப்பினர்களின் குழு கூட்டம் நாளை

Mohamed Dilsad

Leave a Comment