Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වතු සේවකයන්ගේ වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම් එකඟතාවයකට

(UTV | කොළඹ) –

වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵළදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට, අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබෙන බව සඳහන්. මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් වතු සමගාම් 09ක නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණවලට එළඹ තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි 01දා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කර තිබෙනවා. එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළඹී කටයුතු කරන ලෙසයි දැනුම්දී තිබෙන්නේ.

Related posts

මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි

Mohamed Dilsad

ஹம்பந்தோட்டையில் காணிக்காக போராடிய சிங்கள மக்கள் கேப்பபிளவு தமிழ் மக்களை பற்றிய அறிய வேண்டும்

Mohamed Dilsad

Ranil Wickremesinghe’s security detail reduced

Mohamed Dilsad

Leave a Comment