Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීට එරෙහි පෙත්සමක් විභාග කිරීමට දින නියම කෙරේ.

(UTV | කොළඹ) –

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවීමට අභියාචනාධිකරණ නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතායි මෙම පෙත්සම ගොනුකර තිබුණේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම ඊයේ (10) කැඳවින.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවා දායකයා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වනදා කැඳවන ලෙස නියෝග කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කර අධිකරණයට අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණ.

Related posts

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රමිකයන්ට දිස්ත්‍රික්ක වශයෙන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන

Mohamed Dilsad

තුම්බිකුලම් රක්ෂිතයේ ඇතින්නියන් 07ක් මියයාම ගැන වාර්තාවක් කැදවයි

Mohamed Dilsad

Leave a Comment