Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග එපා – මුජිබර් රහ්මාන්

(UTV | කොළඹ) –

මැතිවරණය කල් දැමීම වෙනුවෙන් පුද්ගලයෙකු දැමු නඩුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින පුද්ගලයින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ විවිධ ප්‍රකාශ වල දිගුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මැතිවරණ කල්දැමීමට ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගත් එම උත්සාහයන් පරාජය කරමින් ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණ පැවසු අතර එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය නැවත වතාවක් තහවුරු වූ බව රහ්මන් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පැවසු පරිදි ජනාධිපතිවරයාගේ කාලසීමාව පිළිබඳව කැබිනට් මණ්ඩලය ගත් යෝජනාව පිළිබඳව වහාම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළයුතු බවයි.

ලෙනව නමැති පුද්ගලයෙකු මැතිවරණ කල්මදැමීම පිළිබඳව අධිකරණයට අදාළ පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 5ක් ලෙස ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කළ බවත් එම ප්‍රකාශය නිකුත් කිරීමෙන්  ජනාධිපතිවරයා වාසියක් ගැනීමට උත්සාහ කළ බවත් එයින් ඔහු ඔරුව මොන පැත්තට ගොඩ උනත් ඒකෙන් වාසියක් ගැනීමට උත්සා කළ බවත් මුජිබර් රහ්මාන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ කතාව, පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපති විසින් අධිකරණය පිළිබඳවත්, විනිශ්චකාරවරු පිළිබඳවත් කළ ප්‍රකාශ පිළිබඳව ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

Related posts

“Zahran Hashim is responsible for an arson attack on 120 houses in Kattankudy” – Asath Salley

Mohamed Dilsad

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණ තැන

Editor O

வீடு தீப்பிடித்ததில் ஒரே குடும்பத்தை சேர்ந்த 7 சிறுவர்கள் பலி

Mohamed Dilsad

Leave a Comment