Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ නිල කාලය පිළිබඳ පෙත්සම, ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

(UTV | කොළඹ) –

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියම කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

ஐ.தே.க பாராளுமன்ற உறுப்பினர்கள் மல்வத்து மகாநாயக்க தேரரை சந்தித்தனர்

Mohamed Dilsad

අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරය තුළට ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment