Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ නිල කාලය පිළිබඳ පෙත්සම, ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

(UTV | කොළඹ) –

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම නඩු ගාස්තුව මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම්කරුට නියම කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related posts

கண்டி நகரில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

வைரஸ் தொற்றுடையோரின் எண்ணிக்கை அதிகரிப்பு

Mohamed Dilsad

අජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment