Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. තවත් පස් දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය කියයි. තුවාල ලැබූවන් අතර  ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව ද සඳහන්.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී වෙඩි තබා තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

ක්ලබ් වසන්ත රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර පසුව තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් කළේ.

Related posts

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

“No-Confidence Motion if Prime Minister doesn’t step down” – Range Bandara

Mohamed Dilsad

දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment