Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අද(06) තහවුරු කළේ ය.

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ඔලිම්පික් වරම් හිමි කර ගන්නේ ක්‍රීඩකයන් 48 දෙනෙක් පමණයි. ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ඔලිම්පික් ශ්‍රේණි ගතකිරීම් වල 53 වැනි ස්ථානයේ රැදී සිටියත් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධ සහ විවිධ හේතුන් මත ඉවත් වීමත් සමග ඔහුට එම අවස්ථාව හිමි විය.

අරුණ දර්ශන 2018 සහ 2023 වසර වල ආසියානු ක්‍රීඩා උළෙල , 2019 දකුණූ ආසියානු ක්‍රීඩා උළෙල , 2023 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සහ 2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් රැස් දිනා ගත් ක්‍රීඩකයෙක් ය. මීටර් 400 ධාවන ඉසව්වේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ශතාවය තත්පර 45යි දශම 3යි 0ක් ලෙස සටහන් වෙයි.

Related posts

காட்டு யானை தாக்கி விவசாயி படுகாயம்!

Mohamed Dilsad

Second phase of O/L paper evaluation to begin on 8th

Mohamed Dilsad

Indian Coast Guard nabs 25 Lankan fishermen off Tamil Nadu coast

Mohamed Dilsad

Leave a Comment