Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට යයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  සංඝ මූලස්ථානය  වෙත අද (05) පස්වරුවේ  ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ව මහනායක ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා කියා සිටියේ,  නියමිත  දිනට මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම වෙත දැනුම්දුන් බවයි. ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය.

මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළ මහා නායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

 

Related posts

பாரம்பரிய கைவினைக் கண்காட்சி

Mohamed Dilsad

Young woman arrested on heroin charges

Mohamed Dilsad

புத்தளம் குப்பைப்பிரச்சினைக்கு தீர்வுகாண தீவிர முயற்சி :ஜனாதிபதி ,அமைச்சர் சம்பிக்க விடாப்பிடி! -அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Leave a Comment