Trending Newsඑසැන පුවත්දේශීය

ජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයි

(UTV | කොළඹ) –

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඒ මහතා සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධායක ධුරය සඳහා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

එසේම 2015 දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසී ඒ මහතා 2017 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්විය

Related posts

“We worked, but they were not communicated to the people,” Minister Sagala Ratnayaka

Mohamed Dilsad

North Korea test-fires ballistic missile after South Korea leader pledges dialogue

Mohamed Dilsad

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

Leave a Comment