Trending Newsඑසැන පුවත්දේශීය

ජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයි

(UTV | කොළඹ) –

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඒ මහතා සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ සංවිධායක ධුරය සඳහා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායක සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

එසේම 2015 දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසී ඒ මහතා 2017 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්විය

Related posts

Visiting Saudi Prince calls on Foreign Minister

Mohamed Dilsad

Sri Lanka foreign reserves drop by $568 million in January

Mohamed Dilsad

රට ගොඩනගන ප්‍රයෝගික වැඩපිළිවෙලත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමත් සමගි ජනබලවේගය සතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment