Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 ක තොගයක් විනාස කෙරේ.

(UTV | කොළඹ) –

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 ක තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පොලිස් මූලස්ථානය සඳහන් කළේ වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් මෙම විනාශ කිරීම් සිදුකරන බවය.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614 ග්‍රෑම් 36 ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 13 යි ග්‍රෑම් 686 ක් සහ කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581 ග්‍රෑම් 34 ක් විනාශ කිරීමට බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයේදී භාර ගැනීමට නියමිත අතර පෙරවරු 9.30 වනාතවිල්දුව ලැක්ටොස් වත්තේ පිහිට අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් විනාශ කිරීමට නියමිතය.

පුත්තලම මහෙස්ත්‍රාත්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ එම කටයුතු සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

රට පුරා රෝහල්වල වැඩ වර්ජනයක්

Editor O

විරැකියා අනුපාතය අඩුවෙයි…..

Editor O

ஞானசார தேரருக்கு பொது மன்னிப்பு…

Mohamed Dilsad

Leave a Comment