Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයෝ ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

(UTV | කොළඹ) –

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ මැදිහත්වීම මත මෙරට ආයෝජනය සඳහා සූදානම් බව එම කවුන්සිලය සඳහන් කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහි දී සාකච්ඡාවට ලක් කෙරුණි.

ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සිදුකරන සේවාවන් සහ ශ්‍රී ලංකාවේ මේ දිනවල පැවැත්වෙන කාර්මික ප්‍රදර්ශනය වෙනුවෙන් දැක්වූ සහභාගීත්වය පිළිබඳව විදේශ අමාත්‍ය අමාත්‍ය අලි සබ්රි මහතා ස්තූතිවන්ත විය. එසේම කොවිඩ් 19 වසංගත සමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ වත්මන් සභාපති සුරේන් ස්වාමිනාතන් මහතාගේ සේවය ද මෙහිදී ඇමතිවරයා ඇගයීමට ලක් කළේය. මෙම සාකච්ඡාව සහ හමුව සාර්ථක මෙන්ම ඉතා ඵලදායී හමුවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළෙඳපොල ඉලක්ක කර ගත් නව ආර්ථික ප්‍රවේශයන්ට සමීපවීම පිළිබඳව සහ දැනට පවතින ගැටලු පිළිබඳවද එහිදී අවධානයට ලක්විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශිෂ්ඨ ව්‍යාපාරිකයන් හදුන්වා දීම සදහා විකාශය වූ ‘සිහින සැබෑකරන ඩුබායි වැඩසටහන’ සහ රූපවාහිනී AI වැඩසටහන ද මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් ඇලෙක්ෂි ගුණසේකර මහතා ඇගයීමෙන් යුතුව සිහිපත් කළේය. මෙම සාකච්ඡාව සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති සුරේන් ස්වාමිනාතන්, කවුන්සිලයේ අධ්‍යක්ෂ කපිල කරුණාරත්න, හිටපු අධ්‍යක්ෂ සහ යාවජීව සාමාජික රාම් පිල්ලේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් ඇලෙක්ෂි ගුණසේකර ඇතුළු පිරිසක් සහභාගී විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආර්. බී. ජී. මැණික්දිවෙල මහතා මෙම සාකච්ඡාවේ සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කළේය.

 

Related posts

Fiber manufacturing factory in Matara catches fire

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කෙරේ

Mohamed Dilsad

NTJ Colombo District Organiser further remanded

Mohamed Dilsad

Leave a Comment