Trending Newsඑසැන පුවත්දේශීය

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

(UTV | කොළඹ) –

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සඳහා මේ මස 30 වනදා දක්වා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.

ඒ අනුව මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබු බව ද ඒ මහතා කීවේය.

කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබාදීමට කටයුතු කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.

Related posts

கொழும்பு ஸ்ரீ ஜயவர்தன புற கோட்டை மாநகர சபை உத்தியோகபூர்வ முடிவுகள்

Mohamed Dilsad

ඩෙල්ටා ප්‍රභේදයට මුහුණදීම සදහා සියලු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Facebook ups funds for Sinhala, Tamil expertise

Mohamed Dilsad

Leave a Comment