Trending Newsඑසැන පුවත්දේශීය

නල්ලතන්නියටත් තැබෑරුමක්, සීත ගඟුල වැසියන්ගෙන් ප්‍රාදේශීය ලේකම්ට විරෝධතා

(UTV | කොළඹ) –

නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයට ඉතා ආසන්න සංචාරක හෝටලයකට මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරිමට සැලසුම් කර ඇති බව වාර්තාවෙයි. සිත ගඟුල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන් විසින් ඒ සඳහා වූ විරෝධතා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත්, එකී විරෝධතා ඉදිරිපත් කරන ලෙස වූ දැන්වීම සීත ගඟුල වසමේ ග්‍රාම නිලධාරීනිය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකළ බවද ගම්වැසියෝ චෝදනා කරති.

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධතා කිහිපයක් තමන් වෙත ලැබී තිබු බවත්, එම විරෝධතා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කළ බවත්, ඉදිරිපත් වී ඇති විරෝධතා සම්බන්ධයෙන් පරික්ෂා කර බලා අවසන් තිරණයක් ගැනීමේ පුර්ණ බලය ඇත්තේ  සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට බවයි ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කළේය.

Related posts

Cannabis bound for Sri Lanka seized in India

Mohamed Dilsad

අරගලකරුවන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත වෙත ගමන් කරයි

Mohamed Dilsad

තද වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment