ප්‍රමුඛ පුවත 1

පස්වරුවෙත් තද සුළං සමඟ වැසි

(උදයම්,කොළඹ)  –  දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වන තරමක් තද සුළං  සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 වැසි ඇතිවන අවස්ථා වලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

Related posts

පිපිරීම් වලට සම්බන්ධ බවට සැක පිට තවත් 18ක් අත්අඩංගුවට

Mohamed Dilsad

2017ට සාපේක්ෂව 2018 දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවේ .

Mohamed Dilsad

රොයිස් ප්‍රනාන්දු ලබන මස තෙක් යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment