දේශීය

හෙට සිට මාර්තු 11දක්වා පියවරෙන් පියවර වසා තැබෙන කොළඹ මාර්ග

(UTV | කොළඹ) –කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අප ජලය මුදාහැරෙන නළ පද්ධතියක් එළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම අප ජලය මුදාහැරෙන නළ මාර්ගය කොළඹ වරාය නගරය දක්වා සම්බන්ධ කෙරෙන අතර උත්තරාන්නද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අවට පදිංචිකරුවන්ට අවස්ථානුකූලව මාර්ගය භාවිත කර න ලෙස පොලිසිය දන්වා සිටියි.

ඒ අනුව උත්තරාන්නද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස හෙට (5) සිට (19) දින දක්වාත්, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සිට නවම් මාවත දක්වා කොටස ලබන (20) සිට මාර්තු (4) දක්වාත්, උත්තරාන්නද මාවත, පෙරහර මාවත, රොටුන්ඩාගාඩන් හන්දිය දක්වා කොටස මාර්තු (5) සිට මාර්තු (11) දක්වාත් තාවකාලිකව වසා තැබෙන අතර ඒ සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය පවසයි.

Related posts

සුවය ලැබු නාවිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහකොමසාරිස්වරයාගේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment