දේශීය

රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දීය.

මෙම අනතුර සිදුව ඇත්තේ අලුයම 1.30ට පමණ සිදුව තිබේ.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බව පොලීසිය පැවසුවේය.

අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කෙරිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පැවසීය.

Related posts

සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ගුවන් තහනම ඉවත් කීරීමෙන් පසු රැකියා සඳහා සයිප්‍රසයට ඇතුළුවීමට යළි අවසර

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය : වගඋත්තරකරුවෙකු වූ රනිල් ගැන ශ්‍රේෂ්‍ඨාධිකරණය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment