දේශීය

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

(UTV | කොළඹ) –  ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

2012 වසරේ ඔක්තෝබර් මාසයේ 15වන දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන තිබුණි.

එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර එම යාත්‍රාව පැහැරගෙන ඔස්ටේ්‍රලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ ධීවරයින් 7 දෙනෙකුටයි එලෙස මරණ දඬුවම නියම කෙරුණේ.

එම නියෝගය ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ විසින්. මරණ දඬුවම නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම නියම වී තිබේ.

එමෙන්ම එම විත්තිකරුවන්ට රුපියල් විසි ලක්ෂ 8,500 බැගින් වූ දඩයක් ගෙවීමට ද කර ඇති අතර  මරණ දඬුවමට  අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ද විනිසුරුවරයා එහිදී නියෝග කර තිබේ.

එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ .

Related posts

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

නිසි මිලක් සහිතව දේශීය රබර් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය – ජනපති

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් 186 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment