Trending News

ගතවු පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 943ක් කොටු

(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273 ක් සමගින් මුළු සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 199 g
අයිස් 168 g
ගංජා 2 kg 400 g
ගංජා පැල 2,883 ක්
මාවා 382g
තූල් 45g
මදන මෝදක 141g
මත්පෙති 59 ක්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 9 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක්ද ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 25 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත

Related posts

Another 13 Indian trawlers released [VIDEO]

Mohamed Dilsad

ITAK decides to support Sajith Premadasa

Mohamed Dilsad

பானி புயல் இலங்கையை விட்டு நகரும் சாத்தியம்…

Mohamed Dilsad

Leave a Comment