දේශීය

වසරකට ළමා අපරාධ 5,000ක් – පොලීසිය

වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන භාවිතය මෙම අපරාධ සිද්ධීන් රැසකට හේතු වී ඇති බවය.

 

“වසරකට දළ වශයෙන් ලංකාවේ 5,000ක් පමණ දරුවන් සම්බන්ධයෙන් අපරාධ වාර්තා වන බව මේ සංඛ්‍යා ලේඛනවල තියෙනවා. අපේ රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය තමා ළමා අපචාර, අපයෝජන සම්බන්ධයෙන් බලපාලා තියෙන ලොකුම කාරණය. ලංකාවේ වැඩිම ජනගහණයක් ජීවත් වන පළාත ලෙස සැලකුවොත් බස්නාහිර පළාත කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කය මේ තුනේ වාර්තා වන ළමුන් සම්බන්ධ වැරදි ගැන අපට අවබෝධයක් තියෙන නිසා අපි දන්නවා. ඒ වගේම බහුතරයක් සිද්ධිවලට බලපාලා තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය. මේ ජංගම දුරකථන භාවිතය අද වෙද්දි ළමයින්ව ළමා අපයෝජනයවලට යොමු කරවන භයානක අවියක් බවට පත්වෙලා. ලංකාවේ ළමා අපයෝජන අඩු කරන්න අපි උත්සාහයක් දරනවා නම් අනිවාර්යයනේම ජංගම දුරකථන භාවිතය ගැන නියාමනයක් දෙමාපියන් විසින්ම ගෙදරදී කළ යුතුයි.”

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට

Mohamed Dilsad

කොන්සියුලර් කටයුතු අද නැවත ඇරඹේ

Mohamed Dilsad

මහින්ද මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් අලුත් කරයි

Mohamed Dilsad

Leave a Comment