දේශීය

පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

 

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එහි දෙවන වර කියවීමේ විවාදය අද පස් වන දිනටත් සිදුකෙරේ.

 

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වනදා පස්වරු 6ට පැවැත්වේ.

 

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වනදා සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

මිනුවන්ගොඩ ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මතීෂ පතිරණට ශ්‍රී ලංකා රුපියල් කෝටි 61ක ලංසුවක්

Editor O

Leave a Comment