දේශීය

නවක හෙද හෙදියන් 2519කට පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

 

ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිතය.

 

මේ වනවිට දිවයින පුරා හෙද සේවයේ 42,000ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන්කළේය.

 

Related posts

දුම්වැටියක මිල ඉහළට

Mohamed Dilsad

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායන ප්‍රදේශවල ඡන්ද පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment