Trending News

‘මිජවුම්’ සුළි කුණාටුව ගැන අලුත්ම දැනුම්දීම

‘මිජවුම්’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට ගමන්කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන්කර දෙසැම්බර් 05 වනදා දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවය.

 

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ‘මිජවුම්’ සුළි කුණාටුව අද පෙරවරු 11.30ට යාපනයේ සිට කිලෝමීටර් 320ක පමණ දුරින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

එසේම අද පෙරවරුවේ නිකුත් කළ රතු නිවේදනයක් මගින් දැනුම්දෙනු ලැබුවේ ඉදිරි පැය 48 ඇතුළත මන්නාරම කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසටය.

 

මේ අතර ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවය.

 

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි තත්ත්වයක් ද ඇතිවිය හැකිය.

 

එම නිවේදනයට අනුව සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැක්වෙයි.

 

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය .

 

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

Related posts

“Today marks a victory for democracy and sovereignty,” Premier says

Mohamed Dilsad

எட்டம்பிட்டிய காட்டுப் பகுதியில் தீப்பரவல்

Mohamed Dilsad

President gets warm welcome from Trump in New York

Mohamed Dilsad

Leave a Comment