ක්‍රීඩා

සුපිරි ක්‍රීඩකයා ගැන IPL පිටියෙන් එන අලුත්ම කතාව

හර්දික් පාන්ඩ්‍යා ඊයේ (27) මුම්බායි කණ්ඩායම සමඟ එක්වූ විඩියෝවක් මුම්බායි ඉන්දියන් නිල යූ ටියුබ් නාළිකාවට එක් කර තිබුණි.

 

හර්දික් පාන්ඩ්‍යා ලීග් තරග ආරම්භ කළේ 2015 වසරේදී මුම්බායි පිල සමඟය.

 

2015දී මුම්බායි පිල පාණ්ඩ්‍යාව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මුදලකටය.

 

එතැන් පටන් 2022 වසර දක්වා පාන්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළේය.

 

පාන්ඩ්‍යාගේ ඉවත්වීමෙන් පුරප්පාඩූ වූ ගුජරාට් පිලේ නායකත්වය වෙනුවෙන් ශුබ්මන් ගිල්ව පත්කළ බව ඊයේ පස්වරුවේ එම කණ්ඩායම නිවේදනය කළේය.

 

2022 වසරේදී ගිල්ව ගුජරාට් ටයිටන්ස් පිල ඉන්දීය කෝටි 8ක මුදලකට මිළදී ගත් අතර එම වසරේදී ඔහු ලකුණු 483ක් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට සමත්වුණි.

 

මෙම වසරේදී ගිල් IPL තරගාවලියේදී රැස්කළ ඉහළම ලකුණු සංඛයාව වාර්තා කිරීමටද සමත්වුණා.

 

ඒ අතර පිට පිට අයි පී එල් තරගාවලියේදී ශතක රැස්කළ සිව්වන IPL ක්‍රීඩකයාගේ වාර්තාවද ලියැවි ඇත්තේ ෂුබ්මන් ගිල්ගේ නම ඉදිරියෙන්ය.

Related posts

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට කඩුලු තුනක ජයක්

Mohamed Dilsad

දැවැන්ත ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ නම් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

වර්ෂාව හමුවේ නොසැලුණු කලම්බු කිංග්ස්ට ලකුණු 34 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment