ක්‍රීඩා

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට කඩුලු තුනක ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විනි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 65ක් රැස්කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කිරීමට සමත්විය.

චාමික කරුණාරත්න පන්දු 33කදී 4 පහර 5ක් සමග නොදැවී ලකුණු 44ක් රැස්කළේය.

පන්දු යැවීමේදී යුවේන්ද්‍ර චහාල් සහ බුවනේශ්ව(ර්) කුමාර් කඩුලු 3 බැගින් දවාගත් අතර දීපාක් චහාර් කඩුලු 2ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දීපාක් චහාර් නොදැවී ලකුණු 69ක් රැස්කළ අතර සූරියකුමාර් යාදව් ලකුණු 53ක් රැස්කළේය.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත් අතර දසුන් ශානක, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත ඉන්දීය – ශ්‍රි ලංකා එක්දින තරඟාවලිය 2-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්වී ඇත.

Related posts

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

Mohamed Dilsad

මහීෂ් තීක්ෂණ ආබාධයක් ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment