දේශීය

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සැලකිල්ලට ගනිමින් රට පුරා බලපැවැත්වෙන පරිදි මෙලෙස ඇඳිරිනීතිය පනවා ඇති බවය

 

හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කරමින් එරට ෆ්‍රීටවුන් අගනුවරට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිස පසුව නගරයේ පිහිටි බන්ධනාගාරයකට ඇතුළු වී එහි සිටි රැඳවූවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවිය.

 

ඒ අනුව හටගෙන ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට සියෙරා ලියෝන් රජය කටයුතු කර ඇත.

Related posts

රට පුරා වෛද්‍යවරු තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් වසා දැමුූ මහියංගනය රෝහලේ බාහිර රෝගී අංශය ⁣යළි විවෘත කෙරේ.

Editor O

Leave a Comment