දේශීය

නිවස අසල පාපැදි පැද්ද දරුවා ලොරියක ගැටී මරුට

සිය නිවසට අසල පාපැදියක් පදිමින් සිටි 13 හැවිරිදි දරුවකු ලොරි රථයක ගැටී මරණයට පත්වී තිබේ.

 

දාස්වත්ත හරහා උස්සාපිටිය උතුවන්කන්ද මාර්ගයේ දාස්වත්ත පාලම ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

 

ඊයේ (23) පස්වරු 5.20 පමණ විදුලිබල මණ්ඩලයේ උප කොන්ත්‍රාත් සමාගමක ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලබා සිටි එම දරුවා මාවනැල්ල මූලික රෝහලට රැගෙන යන අතරතුර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

 

අනතුරින් මරණයට පත්වී ඇත්තේ උස්සාපිටිය රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ 08 වන වසරේ ඉගනුම ලබමින් සිටි දිනුවර දාස්වත්ත නම් දරුවෙකි.

 

සිද්ධිය සම්බන්යෙන් ලොරි රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවේ පළමු වැඩ වර්ජනය දකුණෙන් ඇරඹේ

Editor O

Leave a Comment