ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

 

කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (14) පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය.

 

එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.

 

මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි.

 

මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ ද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

මේ අතර ලබන 17 වනදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

දෙවන 20යි විස්සේ ජයත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

කෝලි පහළට

Mohamed Dilsad

IPL ගිය මහේල නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment