ක්‍රීඩා

කෝලි පහළට

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලියට සහභාගි නොවූ විරාට් කෝලි ICC 20 යි 20 පිතිකරු දර්ශකයේ 3 වන ස්ථානයට පහත වැටී ඇති බව වාර්තාවේ.

කෙසේ නමුත්, ඔහු තවදුරටත් ටෙස්ට් පිතිකරු දර්ශකයේ දෙවන ස්ථානයේ සහ එක්දින දර්ශකයේ ප්‍රමුඛස්ථානයේ රැදී සිටින බව සඳහන්.

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේදී දස්කම් දැක්වූ ඉන්දීය පිළේ ලෝකේෂ් රාහුල් සහ පිතිකරු දර්ශකයේ ස්ථාන 23ක් ඉදිරියට පැමිණ ඇති අතර, රෝහිත් ශර්මා ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 14 වන ස්ථානයේ රැදී සිටියි.

ඉන්දීය පන්දු යවන්නන් වූ යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව් සහ හාර්දික් පාණ්ඩ්‍යා පන්දු යවන්නන්ගේ දර්ශකයේ ඉදිරියට පැමිණ ඇත්තේ ද ශ්‍රී ලංකාව සමඟ පැවති තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනි.

ශ්‍රී ලංකා පිළේ කුසල් පෙරේරා විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ  ස්ථාන 8කින් ද, උපුල් තරංග ස්ථාන 36කින් ද ඉදිරියට පැමිණ ඇති අතර, තිසර පෙරේරාට විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 2ක් ඉදිරියට පැමිණීමට හැකි වී තිබේ.

Related posts

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද සිට

Mohamed Dilsad

විලියම්සන්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment