දේශීය

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

 

අදාළ නෞකා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය යාවත්කාලීන කිරීමට පියවර ගනු ලැබුවා.

 

ඒ අනුව ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමිවු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.

 

ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන සියලු රටවල් සහ විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

චීන පර්යේෂණ නෞකාව මෙරට සංචාරය කිරීමට ඉල්ලුම් කිරීමත් සමඟ ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව අතර කිසියම් දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේය.

 

චීන නෞකාව මෙරට බටහිර මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන බව ප්‍රකාශ කළ ද ඉන්දියාව පැවසුවේ එය තම රට පිළිබඳව ඔත්තු බැලීමක් ලෙසය.

 

එම තත්ත්වය හමුවේ මෙම නෞකා, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සමාලෝචනය කිරීමට රජය තීරණය කරනු ලැබීය.

 

මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී ද සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

Related posts

අද රාත්‍රියේ තද වැසි සමග ප්‍රබල අකුණු

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට විශේෂ ගැසට් නිවේදන

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කිරීමෙන් පසු PCR පරීක්ෂණය අත්‍යාවශ්‍ය නැහැ

Mohamed Dilsad

Leave a Comment