දේශීය

තවත් සැකකටයුතු මරණයක්

පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

ඊයේ (12) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

 

මරණකරු වයස අවුරුදු 38ක් වූ කෝන්කටුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පසුගිය 11 වනදා සවස් කාලයේ මරණකරු බීමත්ව වෙළෙඳසැල පිහිටි ස්ථානයට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් සමග ඇති කරගත් සිදුවීමක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

ඒ සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබේ.

 

සැකකරුවන් අවුරුදු 23, 55 හා 57 යන වයස්වල පසුව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

 

මෘත ශරීරය ඇඹිලිපියිට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පනාමුර පොලිස් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසම විමර්ශනයට කන්දකාඩු යයි

Mohamed Dilsad

Leave a Comment