දේශීය

මිලියන 136ක මුදල් වංචාවක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට

ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් මිලියන 136කට අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

බොරැල්ල පොලිස් වසමේ කොටා පාරේ පිහිටි පර්චස් 87.5ක ඉඩමක් සඳහා මෙසේ ව්‍යාජ ඔප්පුවක් සකසා අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.

 

සැකකරු ඊයේ (10) රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු වයස අවුරුදු 55ක රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු ඊයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ශරීර ඇප මත නිදහස් කර ඇත.

Related posts

විශේෂ පොලිස් ඒකකයට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි[RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය පහළට.

Editor O

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment