දේශීය

දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඊයේ (29) රාත්‍රී කාලය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 14,000ක් නිකුත් කරමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

 

එය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.

 

මේ තත්ත්වය පිළිබඳ ජනතාවට දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට කල්පනාකාරීව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related posts

ගුවන් යානයක් කඩා වැටේ

Editor O

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

Mohamed Dilsad

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් සලකාබැලීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment