දේශීය

ශල්‍යකර්ම නතර කිරීම ගැන හෙළිදරව්වක්

‍ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

 

එම සංගමයේ ප්‍රධාන ලේකම්, එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේ, අදාළ ගැටලු විසඳීමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නොමැති බවය.

 

සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යේ පවතින පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේය.

 

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට වත්මන් අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් විය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

Related posts

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

ඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයි

Mohamed Dilsad

සනත් නිශාන්ත ට සිතාසි

Mohamed Dilsad

Leave a Comment