ක්‍රීඩා

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස තරග පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.

 

ඔහු සඳහන් කළේ, ඒ ගැන දැඩි කනගාටුවක් ඇති බවය.

 

“තරගාවලිය ගැන ඇත්තටම ටිකක් කනගාටුයි. හොඳින් ඉවර කරගන්න බැරි වුණා. ඒ ඇරෙන්න මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.”

 

“අපි පටන් ගනිද්දි හොඳට පටන් ගත්තා. මැච් පරදිනකොට අපි බැලුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. කණ්ඩායමක් විදියට පුළුවන් උපරිමය කරන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ.”

 

“කණ්ඩායමේ එකමුතුකමක් තිබුණේ නැහැ කියන එක ගැන මම ගොඩක් හිතන්නේ නැහැ. හැමෝම බැලුවේ තරගය දිනන්න තමයි.”

 

“කණ්ඩායමෙන් මට ගොඩක් ලොකු සහායක් ලැබුණා. තරග දිනන පරදින එක අපිට පාලනය කරන්න අමාරුයි. ඉදිරි තරගාවලි බලලා ඒ විදියට සැලසුම් හදන්න ඕනේ.”

Related posts

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378 යි

Mohamed Dilsad

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගනී

Editor O

Leave a Comment