දේශීය

තැපැල් වර්ජනය අවසන්

තැපැල් සේවකයින් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කර තිබේ.

 

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල් සේවකයින් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

 

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ අතර අද දින සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

 

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ආසන 225 සඳහා අපේක්ෂකයින් 8,352ක් නාමයෝජනා දීලා.

Editor O

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

Leave a Comment