දේශීය

ඩීන්ස් පාර වැසේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් පාර රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ.

 

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

 

කෙසේවෙතත් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල කඩිනමින් ආරම්භ කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

Related posts

ආණ්ඩුවේ අය දේශපාලන වේදිකාවල දුන් පොරොන්දු ඉටු කර ජනතාවට සහන සැලසිය යුතුයි. – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Editor O

දිනක වැටුප පරිත්‍යාග කිරීම සන්නද්ධ හමුදාවන්ට සහ පොලීසියට අදාළ නොවේ

Mohamed Dilsad

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment