දේශීය

ඩීන්ස් පාර වැසේ

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් පාර රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ.

 

මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

 

කෙසේවෙතත් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

 

සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල කඩිනමින් ආරම්භ කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ.

Related posts

ඔන්ලයින් හරහා විභාග සහතික භාගත කිරීමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

කොළඹ වරාය නගරය ‘ආසියා පැසිෆික් කලාපයේ හොඳම දැනුම් කලාපය’ ලෙස නම් කරයි

Editor O

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment