දේශීය

වෙඩිතැබීමකින් පුද්ගලයෙකුට තුවාල

වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකුව දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

 

අද (19) උදෑසන කාලයේදී කිරින්ද පුස්තෝලමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

 

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.

 

තුවාලකරු නිවසට පැමිණෙමින් සිටියදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

 

තුවාලකරු වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයාගේ බිරිඳ සමග පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

 

වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

වාරණ මණ්ඩලය අහෝසියි

Mohamed Dilsad

කොළඹට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

Mohamed Dilsad

Leave a Comment