විදෙස්

කසක්ස්තානයේ පතලක ගින්නක්

කසක්ස්තානයේ පතලක හටගත් ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

තවත් 23 දෙනෙකු අතුරුදන්වී ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් 18 දෙනෙකු ප්‍රථිකාර සඳහා රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

 

ගින්න හට ගන්නා අවස්ථාවේදී පුද්ගලයින් 252 දෙනෙකු පතල තුළ සේවය කර ඇති බව සඳහන්ය.

 

කසක්ස්තානයේ පතල් 15කට හිමිකම් කියන සමාගමකට අයත් පතලක එම අනතුර සිදුවී තිබේ.

 

මාස 02ක කාලයක් තුළ එම සමාගමට අයත් පතල්වලින් මෙවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තාවීම හේතුවෙන් එම සමාගමේ ආයෝජන නතර කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කසක්ස්තාන රජය සැලසුම් කර තිබියදී මෙම අනතුර වාර්තාවී තිබුණි.

Related posts

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

Mohamed Dilsad

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

Mohamed Dilsad

ෆීජි දිවයිනේ අවසන් කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment