විදෙස්

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

(UTV | කොළඹ) – ලන්ඩන් නුවර ආසන්නයේ දී ට්‍රක් රථයකින් සිරුරු හමුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 39 දෙනාම වියට්නාම ජාතිකයින් බවට දැන් සැක මතුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔවුන් සියළු දෙනා චීන ජාතිකයන් ලෙසයි මුලින් විශ්වාස කෙරුණි.

නමුත් පසුගියදා බෙල්ජියම හරහා ට්‍රක් රථයකින් එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදී අතුරුදන් වූ වියට්නාම ජාතිකයින් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

පසුව සිදුකළ විමර්ඔශන්වු වලින් පසු මොවුන් සියළු දෙනාම වියට්නාම ජාතිකයින් විය හැකි බවට සැක මතුව තිබේ.

ඔවුන්ගේ සිරුරු පසුගිය 23 වන දා හමුවූ අතර, එහි රියදුරු උතුරු අයර්ලන්ත ජාතික 25 හැවිරිදි මොරිස් රොබින්සන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල විය.

වියට්නාම පොලීසිය සදහන් කළේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු එරටින් ද අත්අඩංගුවට ගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 46 දෙනෙකු මරුට

Mohamed Dilsad

සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි මැතිවරණ සටනේ

Mohamed Dilsad

Leave a Comment