දේශීය

පොල්ලකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කෙරේ

රාමනාදපුරම් මායාවනූර් ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

 

මායාවනූර් ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඊයේ (25) රාත්‍රියේ දී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

ඝාතනයට ලක්ව ඇත්තේ වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි විවාහයකි.

 

මියගිය පුද්ගලයා කල්මඩු ප්‍රදේශයේ තාවකාලිකව බිරිඳ සහ දරුවා සමඟ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

 

පසුව දින කිහිපයකට පෙර බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් මත ඔහු තම පියා පදිංචිව සිටින මායාවනූර් ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.

 

මියගිය පුද්ගලයා වෙළෙඳසැල වෙත ගොස් භාණ්ඩ ලබාගනිමින් සිටිය දී ඔහුට ලැබුණු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳසැලෙන් පිටතට පැමිණ සිටිය දී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ.

 

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන නොමැති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රාමනාදපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩු කටයුත්තක් අවසන්

Mohamed Dilsad

අගමැති තනතුරෙන් හරිනි ඉවත් කළොත් ආණ්ඩුවට බහුතරය නැති වෙයි..?

Editor O

රාජ්‍ය ආයතන ගණනක් වසා දැමීමේ තීරණයක්…!

Editor O

Leave a Comment