දේශීය

කිරිගවයෙක් හොරකම් කළොත් දඩය රු ලක්ෂ 10යි

කිරිගව සොරකම් සඳහා මෙතෙක් පැවති රුපියල් 50,000ක උපරිම දඩය, රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

එමෙන්ම එවැනි සොරකම් සඳහා අවම වශයෙන් වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් පැනවීම සඳහා වගන්ති ඇතුළත් කර සත්ත්ව සුබසාධන පනත සංශෝධනය කරන ලෙස අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් ලබාදී ඇත.

 

සත්ත්ව සුබසාධන පනතේ නව සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී කිරිගව සොරකම් ඉහළයාම සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

 

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර ඝාතනය කර ඇති බව එහිදී සඳහන් කළ මහින්ද අමරවීර අමාත්‍යවරයා ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නා ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව ද කියා සිටියේය.

 

Related posts

අයියා සහ නංගී සැඩ පහරකට හසුවෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

Editor O

Leave a Comment