දේශීය

එක්දරු මවට දිවි අහිමි කළ මාරක අනතුර

දකුණු කළුතර ප්‍රධාන මාර්ගයේ පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි එක්දරු මවක් අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ බේරුවල මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි මිහිරි ජානකී නැමති 36 හැවරිදි එක්දරු මවකි.

 

ඊයේ (23) සවස 5.45ට පමණ අනතුර සිදුව ඇත්තේ, අදාළ කාන්තාව ඇයගේ මවගේ රුධිර සාම්පල වාර්තාවක් රැගෙන පදික මාරුව මතින් ගමන් කරමින් සිටිය දීය.

 

යතුරුපැදිකරු පොලිස් භාරයේ කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

යතුරුපැදියේ ගැටුන කාන්තාව මීටර් කිහිපයක් යතුරුපැදිය සමග ඉදිරියට ඇදීගොස් යකඩ වැටක ගැටී නතර වී ඇති අතර, යතුරුපැදිය තවත් ඈතට ඇදී ගොස් තිබේ.

 

අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment