දේශීය

හිටපු අමාත්‍ය බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් අද (20) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

 

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

විල්පත්තු ප්‍රදේශයේ කැළෑ එළිපෙහෙළි කළ ප්‍රදේශයේ යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණේය.

 

එම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

 

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවතින හෙයින් නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලීය.

 

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ද තීන්දු කළේය.

 

Related posts

කොරෝනා මරණ 274 ක් වෙයි

Mohamed Dilsad

සමාජ බුද්ධි ඒකකය වැඩ අරඹයි

Mohamed Dilsad

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

Leave a Comment