දේශීය

රක්ෂිතයක් තුළ දිරාගිය කාන්තා අස්ථි කොටස්

වැලිකන්ද, කුඩාපොකුණ රක්ෂිතය තුළ තිබී දිරාගිය අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් කොටස් කිහිපයක් හමුවී තිබේ.

 

ඊයේ (17) වැලිකන්ද පොලීසියට ලද තොරතුරකට අනුම එම අස්ථි කොටස් හා කාන්තා ඇඳුම් පැලඳුම් සොයාගෙන ඇත.

 

මෙම අස්ථි කොටස් තිබූ ස්ථානයේ හමුවූ කාන්තා ඇඳුම් කොටස් හිස් වැසුම හා කෑම පෙට්ටිය 2019.11.14 වන දින සිහංපුර වැලිකන්ද ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවකගේ බවට පොලීසිය සැක පළකරයි.

 

අස්ථි කොටස් හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය පවසයි.

Related posts

විදුලි සංදේශ උපකරණ ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ප්‍රතිකාර ලබමින් සිටි කළු කොටියා මිය යයි

Mohamed Dilsad

Leave a Comment