දේශීය

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

ඔහු සඳහන් කළේ, එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවය.

 

“ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි වැටිලා තිබුණ ගැඹුරු වගේ ඉඳලා අපිට මෙහෙම සරලව අහවල් දවසේ මෙහෙම වෙන්න කිව්වට එහෙම බෑ. එහෙම වුණා නම් තමා පුදුමේ. අපි ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට තමා වැටුණේ. ඒ නිසා ඒ සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාදවීම් තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ඔක්කෝම සාර්ථකයි. මම බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය ගන්න පුළුවන් පුළුවන් කියලා.”

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවදානය යොමු කර ඇති බවය.

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කරයි

Mohamed Dilsad

අපරාදකරුවෙකු වැටලීමකදී පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment