දේශීය

රැකියා අහිමිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කිරීමේ දී ප්‍රධාන විෂය ක්ෂේත්‍ර තුනක නිපුණතා වර්ධනයට පමණක් අවධානය යොමු කිරීම හේතුවෙන් සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය නිපුණතා දරුවන්ට මඟහැරී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

 

මේ හේතුවෙන් සමබර කුසලතා ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය නිපුණතා හතක් පමණ දරුවන්ට මඟහැරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙයි.

 

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

 

ඉදිරියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ව්‍යාප්තියත් සමග ලෝකය පුරා දැනට පවතින බොහෝ රැකියාවන් මුළුමනින් ම ඉවත් වන බවත් වෛද්‍යවරුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන්ගේ පවා රැකියා ඉහළ අභියෝගයකට ලක් විය හැකි බවද එහිදි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනමාධ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලට නව ලේකම්වරුන් පත් කෙරේ

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන්, ඇමරිකන් ඩොලරයට හොඳ කලක්

Editor O

Leave a Comment