දේශීය

රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ, කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

 

සැකකරු විසින් රුපියල් අනූ හතර ලක්ෂ නව දහසක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 

පොලීසිය පැවසුවේ, සැකකරු ගේ බැංකු ගිණුම් 03ක තිබී රුපියල් ලක්ෂ 72ක මුදලක් සොයාගත් බවයි.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි කරන්දෙණිය දෙනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

Related posts

ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල පරිහරණය ට අලුතින් කැබ්රථ 2000ක්….!

Editor O

Leave a Comment